බණ්ඩාරනායක පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය
අප පුස්තකාලය හා සංස්කෘතික මධ්‍යස්ථානය, දිවංගත ගරු එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක නම් වූ විද්වත් නායකයාණන්ගේ සහ ශ්‍රී ලාංකේය දේශයේ අනන්‍යතා සලකුණ වූ විශ්ව කීර්තිධර ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේත් ශ්‍රී නාමයන්ට උපහාර වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් නිර්මාණය කර ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.
බැහැර ගෙන යාමේ පොත් එකතුව
ලක්ෂයකට අධික දෙස් විදෙස් සුපතල පොත් එකතුව අප සතුව පවතී. නවකතා, අධ්‍යාපනික පොත්පත්, කෙටි කතා
විමර්ශන අංශය
ඔබගේ වැඩිදුර අධ්‍යාපනයට අවශ්‍ය දුර්ලභ පොත් රැසක් අප පුස්තකාලයේ විමර්ශන අංශයතුලදී පරිහරණය කිරීමට හැකියාව ලැබේ.
අන්තර්ජාල පහසුකම්
නවීන තාක්ෂනය සමග එකට මුසුව යන ගමනේදී පුස්තකාල පරිශ්‍රයට පැමිණෙන පාඨකයින්ට භාවිතා කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දී තිබේ.
ශ්‍රවනාගාර පහසුකම්
ඔබට අවශ්‍ය රැස්වීම් මෙන්ම උත්සව අවස්ථා සඳහා අප ශ්‍රවණාගාරයේ ඉඩපහසුකම් ලබා ගත හැකිවේ.
මුද්‍රණ පහසුකම්
පුස්තකාලයට පැමිණෙන ඔබට චායා පිටපත් සහ මුද්‍රණ පහසුකම් සපයා හැකියාව දැන් ලැබී ඇත.

අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ම සැකසුනු වටපිටාවක්
දැනට පුස්තකාලය තුල පාඩම් කිරීමේ ස්ථාන 3ක් පවතින අතර ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන් සදහා වෙන්වූ විශේෂ පාඩම් කිරීමේ ශාලා දෙකක් මෙන්ම කණ්ඩායම් සාකච්ඡා සදහා වෙනම ස්ථානයක් වෙන් කර තිබේ.
පොඩි දරුවන්ටම වෙන්වූ පුස්තකාලයක්
දරුවන් වෙනුවෙන්ම වෙන්වූ පුස්තකාලයක් අප ආයතනය තුළ වෙනම පවත්වා ගෙන යන අතර එය දරුවන්ට නිර්දේශිත පොත් වලින් පමණක්ම සකස් කර තිබේ.
දරුවන් වෙනුවෙන් සැකසුනු වටපිටාවක්
අනර්ග ළමා පොත් එකතුවක්

දරුවන්ට කියවීම පුරුදු කරමු.
තරගකාරී අධ්‍යාපන රටාවත් සමග පොත් කියවීමෙන් මිදී සිටින දරුවන්ට ඒ පිළිබඳ ඇල්මක් ඇති කිරීම අපේ අරමුණයි.

දරුවන් වෙනුවෙන් ඉතාමත් හොඳ ආයෝජනයක්
පාඩම් කිරීමේ හොඳ පරිසරයක් සැපයීම මෙන්ම ඔවුන්ගේ නිදහස් චින්තනයට අවකාශයක් සැපයීම අපගේ ප්‍රධාන අරමුණකි.
සියලුම පහසුකම සමගින්
පුස්තකාල හා විමර්ශන අංශයන්හි අධ්‍යන කටයුතු සිදු කිරීමේ හැකියාව සියලුම සාමාජිකයන්ට නොමිලේ ලැබේ. එලෙසෙම ගැහැණු දරුවන්ට හා පිරිමි දරුවන්ට වෙන් වෙනම පාඩම් කිරීමේ අංශ දෙකක් නිර්මාණය කර තිබේ. දරුවන්ගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් අප පරිශ්‍රය තුළ ආරක්ෂිත කැමරා පද්ධතියක් ද ක්‍රියාත්මක වේ.
සාමාජිකයින් වෙනුවෙන් විශේෂ සේවා
නොමිලේ පාඩම් කිරීමේ ස්ථාන භාවිතයට හැකියාව

සතිපතා දරුවන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන වැඩසටහන්
චෙස්, සංගීත, චිත්‍ර මෙන්ම දෙමළ භාෂා පන්ති සතිපතා දරුවන් වෙනුවන් නොමිලේ අප ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි.